හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?

සමුගැනීම.
“අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.

අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි.

නිකන්……

නිකන්ම.. නිකන්..

හුළං වගේ නිකන්”

- මේ මඟේ සඳයි

හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?

Season -1 ඉවරයි.

Season-2 එක්ක පස්සේ කාලෙක හමුවෙමු..!?

ප.ලි: පහුගිය සඳුදා ඉදලා උත්සාහ කරලත් අන්තිමේ ලියාගන්න පුළුවන් වුනේ ඔච්චරයි.

“ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජාතික මහෝත්සවය
කළුතර කැලිඩෝ වෙරළ තීරයේ කොටසක් නිරුවත් වෙරළ තීරයක් බවට පත් කරන්නට යන බව පහුගියදා මාධ්‍යය මඟින් වාර්ථා කළා.

මේ සටහන ඒ ගැනයි.

ඔව්, ඔබ සමඟ අප මේ සජීවීව සම්බන්ධ වන්නේ “ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජාතික මහෝත්සවය සමඟයි. ඔබට මගේ දකුණු අත පැත්තෙන් ඈතින් පෙනෙන්නේ කළුතර දාගැබ් වහන්සේ.

එවන් පුණ්‍ය භූමියක මෙවන් නිරුවත් වෙරළ තීරයක් ඇති කිරීම ගැන අපේ ජාතියේ පිනෙන් උපන් අපේ අති ගරු බී..ඉ..ඉ..ඉ..ප් තුමාට සහ එතුමාගේ උගත් බුද්ධිමත් උපදේශක මහත්වරුන්ට මුළු මහත් ජාතියේම ගෞරවය මේ මොහොතේ හිමි වියයුතු බවයි මගේ නම් හැගීම.

හොඳයි, මේ මොහොතේ අපත් සමඟ එක්වෙනවා ජාතියේ ශ්‍රේෂ්ට කලාකරු, මහා සංචාරක ඇක්සොන් ජොක්සන් මහතා.

ඇක්සොන් ජොක්සන් මහත්තයා, මොකද හිතන්නේ අද මේ වෙන්න යන මහා වෙනස ගැන?

ආයූබෝවේවා ලහිරු.

මේක මේ බොහොම ඉදිරිගාමී වැඩක්නේ ලහිරු.

ඇයි ඔබතුමා එහෙම කියන්නේ?

ලහිරු, මම අපේ අති ගරු බී..ඉ..ඉ..ඉ..ප්  තුමා හඳුන්වන්නේ ජනමූල නායකයා කියලානේ? ජන මූල?

හොඳයි ඔබ මට කියන්න මොකක්ද්ද ජනයාගේ මූලය? මොකක්ද්ද අපි හැමෝගෙම මූලය?

අපි හැමෝගෙම මූලය තමයි අපේ උත්පත්තිය, එහෙමත් නැතිනම් මෙළොවට බිහිවීම.

අපි හැමෝම මේ ලෝකෙට බිහිවෙන්නේ අමු නිරුවතින් ලහිරු, සරල සිංහලෙන් කියනවනම් අමු හෙළුවෙන්. ඒකනේ ලහිරු ස්බාවධර්මය.

ඊට පස්සේ මේ ලෝකේ, මේ සමාජය තමයි මේ ඇදුම් කියලා බාහිර දෙයක් අපි මත පටවන්නේ.

දැන් බලන්න මම “වලන්හතේ” කියන වාර්තා වැඩ සටහන එක්ක යනවා අප්‍රිකාවේ ගෝත්‍ර නිරීක්ෂණයට.

එතනදී මට හමු වෙනවා මගේ මුතුන් මිත්තා, ඒ තමයි මුල්ම මානවයා. ඔවුන් ඉන්නේ අමු නිරුවතින්නේ ලහිරු. ඔවුන්නේ ලහිරු පසු කාලීනව මුළු ලෝකේ පුරාම පැතිරිලා යන්නේ. ඔවුන්ගෙන්නේ ලහිරු අපි හැමෝම පැවතගෙන එන්නේ.

එතකොට ඔබතුමාගේ අර්ථකතනය අනුව මේ සිද්ධ වෙන්නේ අපි නැවතත් ස්වාභාවධර්මය කරා ලං වීමක්? එහෙමත් නැතිනම් අපේ මුල් සොයා යාමක්?

හරියට හරි ලහිරු, හරියට හරි. අන්න ඔබ අල්ල ගන්නවා නියම තැනින්.

ඒක නෙමේයිද ලහිරු ඇත්ත? ඒක නෙමේද ඇත්ත?

අද ලංකාවට වෙලා තියෙන ප්‍රශ්නෙත් ඕකනේ ලහිරු, මුල මතක නැතිවීම. අපි මුල අමතක කරන්න හොඳ නෑ ලහිරු.

හොඳයි. බොහොම ස්තූතියි ඇක්සොන් ජොක්සන් කලාකරුවානෙනි.

ආවඩා ආයුබෝවේවා ලහිරු

හොඳයි, මීළගට අපත් සමඟ එකතුවන්නේ ගරුතර රතුලීයේ අතන මෙතන ස්වාමීන්වහන්සේ.

අවසර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අදහස මොකක්ද මේ “ජාතික නිරුවත් වෙරළ තීරය” ගැන.

ලහිරු, අපේ සංස්කෘතිය පෝෂණය වෙන්නේ බුදු දහම එක්ක බැදුනු ජීවන රටාව නිසා. බුදු දහමේ එන ශ්‍රේෂ්ට සංකල්ප තමයි අල්පේච්චතාවය සහ අත් හැරීම. දැන් බලන්න ලහිරු මෙතනත්,”ජාතික නිරුවත් වෙරළ තීරය” මඟිනුත් සිද්ධ වෙන්නේ  ඒකම නෙමේයිද  කියලා.

අත් හැරීම, සියලු බැදීම් අත් හැරීම.

ඔබ ශුන්‍යත්වය ගැන අහලා ඇතිනේ, බලන්න මීටත් වඩා මොන ශුන්‍යත්වයක්ද ලහිරු. මෙයින් වෙන්නේ විදේශිකයන් පවා බුදු දහමේ මූලික සංකල්ප කෙරෙහි නැඹුරුවීමක්. ඒකයි මේ වැඩේ අගය කළ යුතුවන්නේ.

ඒ වගේම, මේ “ජාතික නිරුවත් වෙරළ තීරය”තුළ සියල්ලන්ම එකහා සමානයි. ඒතුළින් ඉස්මතු වෙන්නේ සමානාත්මතාවය පිළිබඳ මූලික සංකල්ප.

අපිනම් අතිගරු බී..ඉ..ඉ..ඉ..ප් තුමාට යෝජනා කරන්නේ මේ “ජාතික නිරුවත් වෙරළ තීරය” තුල කබානා ආකාරයට භාවනා කුටි තනා බවුන් වඩන්නත් ඉඩ ප්‍රස්ථාව ලබාදෙන්න කියලා.

ඒ වගේම ලහිරු, කළුතර බෝධීන් වහන්සේ මේ “ජාතික නිරුවත් වෙරළ තීරය” අසබඩම පිහිටලා තියෙන නිසා භාවනා ආරම්භ කරන්නට මත්තෙන් පුළුවන් බෝධීන් වහන්සේ වැදපුදාගෙන පංච ශීලයේම පිහිටලා නිරුවත් වෙන්න.

බොහොම ස්තූතියි අතිගරු රතු ලියේ අතන මෙතන ස්වාමින්වහන්ස.

ඔව් මීළඟට අපත් සමඟ එකතු වෙනවා දිව රෑ නොතකා අධිරාජ්‍යවාධින්ගෙන් සයිබර් අවකාශය බේරා ගැනීම සඳහා නොපැකිළී, නොනැවතී අනවරතව කැපවී සිටින ජාති(ක)වාදී™ දේශහිතෛශී™ දේශමාමක™ සයිබර් විරුවෙක්;

වීර පුරන්අප්පුලගේ අල්ලපු ගෙදර පුංචි ගමරාල ගුණවර්ධන.

සුබ උදෑසනක් පුරන්අප්පු

තෙරුවන් සරණයි ලහිරු

හොඳයි, ඔබ තරුණයෙක් විදිහට සහ   නිරන්තරයෙන් අන්තර්ජාලය සමඟ ගණුදෙනු කරන්නෙක් විදිහට ඔබ දන්නවා වත්මන් රජයට විරුද්ධව අන්තර්ජාලයේ විවිධවූ වැරදි, වෛරී සහගත™ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා; ඒ වගේම අපි දන්නවා ඔබ ශ්‍රේෂ්ට සයිබර් විරුවෙක් ලෙස අන්තර්ජාල වෙබ් අඩවි තුළින් ගෙනයන මේ දුෂ්ට™ ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටිනවා.

ඔබෙන් මම අහන්නේ මේ ප්‍රශ්නය, අදින් මේ ඇරඹෙන “ජාතික නිරුවත් වෙරළ තීරය” ගැන අන්තර්ජාලයේ පැතිරෙන්නේ කෙබදු ආරංචිද?

තෙරුවන් සරණයි ලහිරු,

පහුගිය දවස් ටිකේ අන්තර්ජාලයේ සිට තම අශුචි ගඳ™ පැතරවූ අවජාතකයන්™ බොහොම දෙනෙක් පහුගිය දොහේ සෙත්තපෝන්චි™ වී යාමටත් කුජීත™ වීමටත් පටන්ගත්තා ලහිරු. මේක තමයි අපේ බී..ඉ..ඉ..ඉ..ප් තුමාගේ පින්™ බලය. උන්නාන්සෙට විරුද්ධව කටයුතු කරන සියළු අවජාතික™, ආර්ථික ඝාතක™, ඇන්.ජී. ඕ ඩොලර් වලට කහින ඩොලර් කාක්කන්ට™ බෑ ලහිරු අපේ මේ පුණ්‍ය භූමිය™ වනසන්න. පහුගිය මැතිවරණ ප්‍රථිඵලයෙන් වුණත් ඔය විපක්ශයේ බත් බැලයන්ට™ ජනතාවගෙන් ඉලපත් පහර™ හම්බුනානේ ලහිරු.

අපි දිනලා ඉවරයි..!

අපි දිනලා ඉවරයි..!

අපි දිනලා ඉවරයි..!

ලහිරු, දැන් අපිව පරද්දන්න මෙලෝ යකෙක්ට බෑ.

බොහොම ස්තූතියි පුරන්අප්පු සයිබර් විරුවාණෙනි.

තෙරුවන් සරණයි ලහිරු.

හොඳයි අපි ප්‍රවෘත්ති විකාශය සඳහා ප්‍රධාන පාළක මැඳිරිය කරා යොමුවෙනවා නැවතත් ඔබහා එකතු වීමේ බලාපොරොත්තුවෙන්.

ඔබ මේ රැදී සිටින්නේ කළුතර බෝ සමිඳු අභියස සිට ගෙන එන “ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජාතික මහෝත්සවවයේ සජීවී විකාශය සමඟයි.

රැදී සිටින්න අප සමඟ.

(තිරය පිටුපස)

මචන් පුරන්, උඹලා අර බ්ලොග් දෙකට මොකෝ කළේ?

ලහිරුවා, අපි ඒ දෙකටම චීනෙක් ලව්වා නියම වැඩක් දුන්නා මචන්. චීනා වැඩි ගාණක් ගත්තෙත් නැහැ. ආයේ තිතටම වැඩේ දුන්නා.

එකක්නම් කෙළින්ම ඩිලීට් කරලා දැම්මා. ඊට පස්සේ පොරව චාටර් කරලත් දැම්මා ආයේ ලියන්න බැරි වෙන්නම. අනිකනම් දැන් කන්ට්‍රෝල් කරන්නේ අපේ එකෙක්. ඌ ඒකත් එක්ක සෙල්ලම් කරනවා, ඉදලා හිටලා වාක්‍යක් දෙකක් දාලා. හා හා. නියම ආතල් වැඩේ.

එළ එළ, එතකොට අර එක බ්ලොග් එකක් ලියපු එකෙක් ලෙක්චරර් කෙනෙක්ද කොහෙද කිව්වා නේද? උඹලට බැරිවුනාද පොරව හොයාගන්න?

අනේ මන්දා බන්, ඌ බොරුද කොහෙද දාලා තිබිලා තියෙන්නේ. අපි තව පොඩ්ඩෙන් අහකයන එවුන් දෙන්නෙක්ගේ අතපය කඩනවා. නුලෙන් උන් දෙන්නා බේරුනේ.

හරි මචන්, මම යනවා ප්‍රොගෑම් එකට. ආයේ පස්සේ වෙලාවක සෙට් වෙමු.

තෙරුවන් සරණයි ලහිරු.

විප්ලවය කියන්නේ මොකක්ද?
View This Poll

“විපක්ෂයේ බත් බැලයන්ට ජනතාවගෙන් ඉලපත් පහර” – ලිපියට පිළිතුරක්
පහත මුල් වීඩියෝවෙන් දැක් වෙන්නේ,

අද උදෑසන “විපක්ෂයේ බත් බැලයන්ට ජනතාවගෙන් ඉලපත් පහර ” නම් ලිපිය කියවද්දී, එය ලියූ තැනත්තා (“ආණ්ඩුවේ බත් බැලයා” නම් පරිබව යෙදුම නොයදන ලද්දේ උවමනාවෙන්ම බව කරුණාවෙන් සළකන්න).

කියන්නට උත්සාහ කරන දේ මට දැනුනු අන්දමයි.

<object width="700" height="550"><param name="movie" value="http://www.youtube.com/v/AUsYPD9f2ww?version=3"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/AUsYPD9f2ww?version=3" type="application/x-shockwave-flash" width="700" height="550" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>

ඔව්,

තමන්ගේ බත සරි කර දෙන ස්වාමියා රකින්නට බුරා වැටෙන බලු කුක්කෙකුගේ ගෙරවීම

ග..ර්..ර්..ර්..ර්..ර්..ර්..

මේ ඒ ලිපිය කියවන මම සහ මගේ ප්‍රතිචාරය (reaction),

<object width="700" height="550"><param name="movie" value="http://www.youtube.com/v/5P6UU6m3cqk?version=3"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/5P6UU6m3cqk?version=3" type="application/x-shockwave-flash" width="700" height="550" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>

මහත්වරුනි,

උදෑසනම ලබාදුන් සිනාවට ස්තූතියි..!

ප.ලි: සමහර ලිපි වලට පිළිතුරු ලියන්නට මහන්සි වියයුතු නැත.

නිමල් බාස් සහ චාමි සෑම්
නිමල් බාස්

ඒ අපේ ගමේ බාස් උන්නැහේ.

නිමල් බාස් නොබැදපු ගෙයක්, කුස්සියක්, කක්කුස්සියක් තාප්පයක් අපේ ගමේ නැතුව ඇති.

බ්ලොක් ගල්, කඹොක් ගල්, සිමෙන්ති ගල්, කළු ගල් මේ ඕනම ගලක් නිමල් බාස්ට ඔට්ටුයි.

හැබැයි මිනිහව වැඩකට අල්ලගන්න එක තමයි අමාරුම වැඩේ.

“බාස් උන්නැහැ අපේ අර තාප්පේ වැඩේ?”

“ආ… තාප්පේ වැඩේ නේද ? මේ දවස් වල හෙක්ටර් මහත්තයලගේ ගෙදර කපරාරුවක්, ඒක ඉවර වෙච්ච ගමන්ම එනවා”

ඔය කිව්වට හෙක්ටර් අන්කල්ගේ කපරාරුව ඉවර වෙච්ච ගමන් නිමල් බාස්ව වෙන කව්රු හරි එක්කගෙන යනවා.

හැබැයි වැඩේට බැස්සමනම් යකා වගේ වගේ තමයි. වයසට ගියත් කඩියා වගේ වැඩ. උන්දෑට අත් උදව් දෙන තරුණ කොල්ලන්ට උන්දෑ එක්ක හැරෙන්නවත් බෑ.

ඒකනේ ඔය කිසිම ගෝලයෙක් මිනිහා එක්ක රැදුනේ නැත්තේ. නුලට තිතට අත් උදව්ව ඕන. උන්දෑ කළු ගල් බදින වේගෙට අත් උදව් දෙන හාදයට ගල් කඩල තියන්න අමාරුයි. ඕන් ඉතින් අපේ නිමල් බාස්ට කේන්ති යනවා.

“අපි උබලගේ වයසේදි නිකන් යක්කු වගේ වැඩ කළේ, මෙහෙදියන් මිටිය”

“වැඩ බැරිනම් ගෙදර ඉදපිය”

“ඇග මහන්සි නොකර දවස ගෙවා ගන්න හිතන්න එපා බොල, යාදෙන්නේ නැහැ”

කොයි තරම් බැන්නත් නිමල් බාස් ගාව වැඩ පුරුදු වෙච්ච කෙනෙක්ට වරදින්නේ නැහැ කියලා  තමයි කට්ටිය කියන්නේ. අහම්බෙන් වගේ උන්දෑට සමහර ගෝලයෝ හරියනවා.  හැබැයි ඒ අය ගමේ රැදෙනවා අඩුයි. ගොඩක් වෙලාවට ලොකු කොන්ත්‍රාත් කට්ටිය ගාවට යනවා. මොකද ඒවයේ වැඩ හොය හොය ඉන්න දෙයක් නැහැනේ. දවස ඉවර වෙද්දි කෑමත් එක්ක දාහක් හමාරක් අතට හම්බෙනවා. හැමදාම වගේ වැඩත් තියෙනවා. අනිත් අතට ගමේ නිමල් බාස්ට තියෙන්නේ වන් හොර්ස් රේස් එකක්.

සමහර වෙලාවට මට හම්බෙනවා නිමල් බාස්ව ටවුන් එකේදි,

“නගින්න බාස් උන්නැහැ”

“ආ පුන්චි මහත්තයා බෑරක්ද?”

“ගෙදර යන ගමන්, මොකො මේ හවස් වරුවේ ටවුන් එක පැත්තේ”

“දන්නේ නැදද පුන්චි මහත්තයා මේ”

කියලා නිමල් බාස් හිනා වෙන්නේ අතේ බ්‍රවුන් පෙපර් කවරයක් දාගෙන අමාරුවෙන් හංග ගන්න උත්සාහ ගන්න බොතලේ දිහා හොරැහින් බලන ගමන්.

“හා හා අද රජ වෙන්න වගේ හදන්නේ”

“හැමැදාම නෑනේ මහත්තයා” කියලා අතරින් පතර හිඩැස් තියෙන කළු පාටට හිරු දුඹුරු පාට දත් පෙන්නලා උන්දෑ විරිත්තනවා.

නිමල් බාස්ලා නිත්‍යානූකූල දේවල් පාවිච්චියට වඩා කරන්නේ නිත්‍යානූකූල නොවෙන දේ පාවිච්චි කරන එක (අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඒ ඒවා ලාබ නිසා කියලා). ඒ අයගේ තිප්පලට යන්න ඕනේ අපේ ගෙවල් පහු කරගෙන.

ඔය තිප්පොල අයිති රාජලි ගාමිණිට.

රාජලි ගාමිණි. රතු පුෂ්ටිමත් මනුස්සයා, හිත හොඳ චන්ඩියා.

මිනිහට රාජලි ගාමිණි කියන්නේ මුළු පිට වැහෙන්නම රාජලියෙක් පච්ච කොටලා තියෙන නිසා. දැනට අවුරුදු කීපයකට කළින් නැති වුණා (රාජලි ගාමිණි ගැනත් වෙලාවක ලියන්න ඕනා).

හවසට අපේ ගෙදර ඉස්තොප්පුවට ගියාම, පෝළිමේ රාජකාරියට වාර්ථා කරන අයව පේනවා. අපේ ගෙවල් පහු කරගෙන රොකට් වගේ යන අය ආපහු එන්නේ, සිග් සැග් ගමනින්, පාර පුරාම.

“ඇග මහන්සි කරන මිනිස්සුන්ට ඇගේ පතේ වේදනාව යන්න හවසට පොඩ්ඩක් බොන්න ඕන” මම අහලා තියෙන්නේ එහෙමයි.

අපේ ගෙවල් පහු කරගෙන හැටට හැටේ යන නිමල් බාස්ගෙන්, අපි පොඩි කාලේ කොහෙද යන්නේ කියලා ඇහුවම උත්තර දෙන්නේ

“මේ පන්සල පැත්තේ යනවා” කියලා (අපි පොඩි කාලේ හිතන් හිටියේ නිමල් බාස් හරියට පින් කරනවා ඇති කියලා)

අපේ ගමේ පන්සලට තියෙන්නේත් ඔය පාරෙම කන්ද මුදුනේ. හරියටම කිව්වොත් රාජලි ගාමිණිගෙ  තිප්පොල තියෙන්නේ පන්සල පාමුල. ඒත් රාජලි ගාමිණිගෙන් (බොන අයට මිසක්) ගමේ අයට කරදරයක් වෙලා නැති නිසා, කවුරුවත් මොනවත් කියන්නේ නැහැ. සමහරවිට ඔය මුකුත් නොකිව්වේ රාජලි ගාමිණීට තිබ්බ බයට වෙන්නත් පුළුවන්.

පහු ගිය අවුරුදු කීපය ඇතුලත නිමල් බාස් වැහරුනේ අපි බලන් ඉන්නැද්දි. යසට මහතට හිටපු උන්දෑ කෙට්ටු වුනේ හරියට හුළං ගිය බැළුම වගේ. ඒත් උන්දැගේ හවස් ජාමේ තිප්පොලේ වන්දනාව නම් නැවතුනේ නැහැ.

නිමල් බාස් මැරුනා

“නිමල් බාස්ගේ ගෙදරට යන්නේ කොහොමද?”

“ඔය ඉස්සරහ කඩේ තියනව නේද, එතනින් දකුණට හැරුනම කොඩි පේනවා”

ලී වලින් බිත්ති හදලා ටකරන් වහලේට දාපු හැරෙන්නවත් ඉඩ නැති ගෙදරක නිමල් බාස්,

හරහට වැතිරිලා හිටියා.

නිමල් බාස්

ඒ අපේ ගමේ බාස් උන්නැහේ.

නිමල් බාස් නොබැදපු ගෙයක්, කුස්සියක්, කක්කුස්සියක්, තාප්පයක් අපේ ගමේ නැතුව ඇති.

බ්ලොක් ගල්, කඹොක් ගල්, සිමෙන්ති ගල්, කළු ගල් මේ ඕනම ගලක් නිමල් බාස්ට ඔට්ටුයි.

ප.ලි:

චාමි සෑම්

ඒ මගේ බ්ලොග් ලියන මිත්‍රයා

(කිසිදාක හමු වෙලා නැති, කළුද සුදුද කියලා දන්නේ නැති)

චාමි සෑම් කමෙන්ට් එකක් නොදාපු බ්ලොග් එකක් මේ සිංහල බ්ලොග් අවකාශෙම නැතුව ඇති.

ඇනෝනිමස් ආතල් – එන්න සිරිදාසගේ ඉරුණු කලිසමට හිනාවෙන්න
මේ ලෝකේ සමහර මිනිස්සු ආතල් ගන්නේ අමුතු අමුතු ක්‍රම වලට.

සමහරු කැමතියි ගෑණූ නාන දිහා හොරෙන් බලන් ඉදලා ආතල් ගන්න. තවත් අය කැමතියි බස් වල ජැක් ගහන්න. එහෙමත් නැතිනම් ගෑණු අයගේ යට ඇදුම් හොරෙන් එකතු කරන්න.

මේ විකාර ආතල් අතරේ සිංහල බ්ලොග් අවකාශයේ තියෙන ආතල් එකක් තමයි “ඇනොනිමස් ආතල්” කියන්නේ (ඔබ සිංහල බ්ලොග් නිතර නිතර කියවන්නෙක් නම් මම මේ මොකක් ගැනද කියන්නේ කියලා දන්නවා).

“ඇනොනිමස් ආතල්”? ඒ මොකක්ද? කියලා ඔබ හිතුවනම්, “ඇනෝනිමස් ආතල්” ගැන ඇහුවේ අදනම්, මේ සටහන ඔබ වෙනුවෙන්.

ඇනොනිමස් ආතල් FOR DUMMIES

මුලින්ම මේක සරලවම තේරුම් කරල දෙන්න මම උදාහරණයක් ගන්නම්,

සිරිදාසගේ උදාහරණය:

සිරිදාස කියන්නේ මධ්‍යම පාන්තික ලිපිකරුවෙක්. වැඩ කරන්නේ රජයේ කාර්යාලයක.

ගන්න පඩියෙන් වැඩි හරියක් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලටයි ගෙදරදොරේ අවශ්‍යතා සඳහා වියදම් වෙන නිසයි, මාසෙකට දෙසැරයක් විතර පොඩි අඩියක් ගහන නිසයි සිරිදාසට මුදල් හෙම ටිකක් හිඟයි.

මේ හේතුව නිසාම සිරිදාස හැමදාම ඔෆිස් එකට අදින්නේ කලිසම් තුනයි. දුඹුරු පාට, කළු පාට සහ තද නිල් පාට.

ඒවත් අවුරුදු ගාණක් පරණයි. හරියටම කිව්වොත් පිළිවලින් අවුරුදු 4,3 සහ 1 වශයෙන්.

හැම සතියකම සදුදට සිරිදාස අදින්නේ දුඹුරු කලිසම, අඟහරුවාදා කළු කලිසම, බදාදා තද නිල්. සිරිදාසගේ නෝන මහත්තයා මාලා, බ්‍රහස්පතින්දා වෙනකොට ආයෙත් දුඹුරු කලිසම හොදලා මැදලා තියෙනවා. ඊට පස්සේ සිකුරාදා කළු, ආයෙත් සෙනසුරාදා වරුවක් වැඩ කරන්න තද නිල්.

සතියක් ඇර සතියක් සෙනසුරාදා සිරිදාසගේ බස් එක මඟදි කැඩෙනවා (අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඒ කැඩෙන්නේ තැබෑරුමක්ම ලඟදි කියලා). ඉතින් ඒක නිසා උන්දෑ ගෙදර යන්නේ ඔරලෝසුවේ බට්ටා වගේ, වමට අංශක දහයයි දකුණට අංශක දහයයි.

“බට්ටා වැනේ

හා හා බට්ටා වැනේ…

අපේ ගෙදර ඔරලෝසුවේ බට්ටා වැනේ”

මේ බට්ටා වැනිල්ලට සිරිදාසගේ නෝන මහත්තයා මාලාට හරි කේන්ති.

“ළමයි බලන්න ඕන, රෙදි සෝදන්න ඕන තනියම අපිට කරදර”

සිරිදාස කට ගොන්නක් බීගෙන ආපු එකේ කේන්තිය මාල යැවුවේ සිරිදාසගේ කලිසම පිටින්. පහු වෙනිදා රෙදි සෝදද්දි කලිසම අතුල්ලලා ගැහුවා ගලේ හරියට ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔළුවට ගහනවා වගේ එහෙමත් නැතිනම් ශශී විජේන්ද්‍ර විල්සන් කරූට ගහනවා වගේ.

“බව්වා” “බව්වා” “බුශුම්” “බුශුම්”

සඳුදා අනේ අහිංසක සිරිදාස එයාගේ දුඹුරු කලිසමත් ඇදගෙන ඔන්න යනවා ඔෆිස්.

ඔය යන අතරේ තමයි “ඇනොනිමස් ආතල්” සෙට් එකේ එකෙක් දකින්නේ සිරිදාසගේ කලිසම පිටිපස්සෙන් ඉරිලා “එකා ජොලියේ කියලා”

මේ වගේ සිද්ධි මඟ හැරලා කොහොමද?

“ඒයි අන්න සිරිදාසගේ කලිසම ඉරිලා, එකා ජොලියේ”

විනාඩි දහයක් පහලවක් යද්දි සෙට් එකම සිරිදාස යන පාර දෙපැත්තේ. සමහරු වැටවල්වලට මුවා වෙලා, තව සමහරු ගස් අස්සේ, තාප්ප අස්සේ, තවත් අය වැල් වල වනල තියෙන සරම් අස්සේ. හැබැයි හැමෝම අදුනගන්න බැරිවෙන විදිහට හැංඟිලා (ඇනෝනිමස්).

“එකයි… දෙකයි… තුනයි”

“අඩෝ සිරිදාස අන්න උඹේ කලිසම ඉරිලා”

“ඒයි සිරිදාස උඹ අද ඇදන් ඉන්නේ ලානිල් පාට නේදෝ?”

“ඒ මචන් කවුද උඹට ** ***?”

“ප්‍රොමෝශන් එකක් ගන්න ගිහින් නේද ඕක කර ගත්තේ?”

“හූ හූ සිරිදාස”

කට්ටිය එක හුස්මට කෑගහනවා.

දැන් පාරේ යන සිරිදාස කල්පනා කරනවා,

“කාටද මේ කෑගහන්නේ? වටේ පිටේ පේන්න කවුරුන්වත් ඇත්තෙත් නැහැ. “සිරිදාස” අහලා පුරුදු නමක්?  සිරිදාස..”

“සිරිදාස, ඒ මගේ නමනේ! ඒත් ඇයි මේ මගේ නම කියලා කෑගහන්නේ?”

ටික වෙලාවක් යද්දි තමයි සිරිදාසට තේරෙන්නේ  කට්ටිය මේ කෑගහන්නේ එයාගේ කලිසම පිටිපස්සෙන් ඉරිලා නිසා කියලා.

හරි ඕක තමයි සිරිදාසගේ උදාහරණය. ඉතින් ඔන්න ඔහොම සෙට් එකක් එකතු වෙලා හැන්ඟිලා කෑ ගහන එකට තමයි “ඇනොනිමස් ආතල්” එකක් ගන්නවා කියන්නේ.  සමහර වෙලාවට ඔය හිනා වෙන්නේ සිරිදාසගේ ඉරුණු කලිසමට වෙන්න පුළුවන්, නැතිනම් ගුණදාසගේ වැවුනු රැවුලට වෙන්න පුළුවන් එහෙමත් නැතිනම් කමලදාසගේ ගෙවුනු සෙරෙප්පු වලට, ඔය මොනවත්ම නෙමෙයිනම් ඩල්සි නෝනගේ බල්ලගේ ඇගේ ඉන්න මැක්කෝ ගැන  වුනත් වෙන්න පුළුවන්.

සරලවම කිව්වොත් මෙතෙන්දි ඕන වෙන්නේ හූ කිය කිය හිනා වෙන්න, කෑ ගහන්න පුළුවන් මොකක් හරි දෙයක් විතරයි (ඔහොම “ඇනොනිමස් ආතල්” එකක් ගන්න සිරිදාසව, ගුණදාසව, කමලදාසව එහෙමත් නැතිනම් ඩල්සි නෝනව අදුනගෙන ඉන්න ඕනෙම නැහැ).

දැන් සමහර විට මේක කියවන ඔබ හිතනවා ඇති මොකක්ද ඕකේ තියෙන ආතල් එක කියලා? ඔව් හොඳ ප්‍රශ්නයක්.

මටනම් අවංකවම ඔය සිද්ධියේ කිසිම ආතල් එකක් පේන්නේ නැහැ. ඒකයි මම මුලින්ම කිව්වේ ලොකේ එක එක මිනිස්සු ආතල් ගන්නේ එක එක විදිහට කියලා.

ඒත් මේක කියවන සමහර අයටත් ඔය වැඩේ අල්ලලා යන්න පුළුවන්. ඉතින්  ඔය වැඩේ මාර ආතල් කියලා හිතෙනවනම්,

යන්න,

ගිහින් සිරිදාසගේ ඉරුණු කලිසමට

ඇති පදම් හිනාවී

හිත ඇතුලේ හිරවී ඇති අසහනය

එළියට යවා ගන්න.

බලා-හිදීම
විනාඩි දහයක් ගියා,

විස්සක් ගියා,

තිහක් ගියා.

මටනම් දැන් බලන් ඉදල ඇතිවෙලා!

අද මොකද පරක්කු?

හපලා හපලම මගේ නියපොතුත් ඉවරයි.

අයියෝ… මට තව වැඩ තියෙනවා.

අහ්… ඇවිත් වගේ?

නැහ්, තාමත් නැහැ.

මම යනවා යන්න.

ඔන්න ඔහේ, මෙච්චර වෙලා හිටපු එකේ තව පොඩ්ඩක් බලනවා.

දැන්නම් පැයක් විතර ගියා.

වෙනදනම් මේ වෙනකොට ඇවිල්ලානේ.

ඇසුත් රිදෙනවා, ඔළුවත් කැක්කුමයි.

“බඩත්ගිනියි මට උදේ ඉදන් නැහැ තේ උගුරක්”

ආවද කොහෙද?

ඇවිල්ලා!

දෙයියනේ ඇවිල්ලා.

“එළ”

එළ? එච්චරද?

වැඩත් පාඩු කරන් මෙච්චර වෙලා බලන් හිටියේ ඕක කියවන්නද?

තව ටිකක් ලිව්වනම්? අතින් පයින් යනවා වගේ හරියට.

කොච්චර වෙලාවක් ගියාද ඔය පොස්ට් එක ලියන්න.

මහ ලොකු කමෙන්ට් එක.

එළ?

කෙහෙම්මල..!

මල් පිබිදෙන එක වසන්ත සමයෙක?
චුරු චුරු වැස්ස.

බස් එකෙන් බැහැපු කුඩ තියෙන අය කුඩ ඉහල ගත්තා.

තවත් අය බස් ස්ටැන්ඩ් එක යටට ගියා.

ටිකකින් කට්ට කළුවර වෙන නිසා, තව සමහරු වැස්ස කියලා බලන්නේ නැතුව පත්තරයක්, පොතක්, බෑග් එකක් ඒ මොකක්වත් නැතිනම් අඩුම ගානේ අතෙන් හරි ඔළුව ආවරණය කරගෙන වැස්සෙම නොපෙනි ගියා.

වැස්ස තුරල් වෙද්දි බස් ස්ටැන්ඩ් එකේ ඉතුරු වුනේ දෙන්නෙක් විතරයි.

“මල්ලි අද කියපු සිංදු ටිකනම් හරි ලස්සනයි”

“මොකද්ද කිව්වේ?”

“මල්ලි බස් එකේ කියපු සිංදු හරි ලස්සනයි” කියාගෙනම බස් ස්ටෑන්ඩ් එකේ පිවිසුමේ එහා කෙණේ හිටි මැදි වියේ පුද්ගලයා,

මෙහා කොණේ බිත්තියට හේත්තු වෙලා පාර දිහා බලන් උන්නු තරුණයා ලඟට ගියා.

ස්ටැන්ඩ් එකටම තිබ්බේ වොට් හැටක විතර එළියක් නිසා දෙන්නට දෙන්නගේ මුහුණුවර හරියටම අදුන ගන්න තරමට පෙනුනේ නැහැ.

“අහ්…

අයියා බස් එකේද හිටියේ”?

“ඔව්”

“මං නම් ආසම අර ජෝතිපාල මහත්තයගේ සිංදුවට

ගිටාර් එකත් ගහ ගහ, ෂා.. නියමෙට කිව්වා”

“මල් පිබිදෙන එක වසන්ත සමයෙක”?

“අන්න හරි, ඒවනේ මල්ලි සිංදු.

මොනවද මේ දැන් කොල්ලෝ කියන විකාර”

නිහැඩියාව

“මල්ලි කැම්පස්ද”?

“ඔව්…

ඇයි අයියා එහෙම ඇහුවේ”?

“සංගීතය ටිකක් ඉගෙන ගත්තු කෙනෙක් කියලා මට නිකමට වගේ හිතුනා.

අනික් අතට, සාමාන්යෙන් බස් වල සිංදු කියන අයට වඩා මල්ලි වෙනස්.

අනිත් උන් හදන්නේ එහෙන් මෙහෙන් කියලා ගාණක් කඩා ගන්න.

ඒවා අහන් ඉන්නවට අපිට කීයක් හරි දෙන්න ඕන”

නිහැඩියාව

“ඇයි බස් වල සිංදු කියන්නේ?”

“මොකක්ද?”

“මල්ලිට සල්ලි ප්‍රශ්නයක්ද?”

“නෑ එහෙමම කියල අවුලක් නැහැ…

කාටද අයියේ සල්ලි ප්‍රශ්න නැත්තේ?”

“හ්ම්ම්ම්….”

නිහැඩියාව

“මොකද ගෑණූ ළමයා තරහා වුනාවත්ද?”

“හහ් හහ්… අපෝ නෑ”

නිහැඩියාව

“එහෙනම්, මොකක්ද අවුල?”

“මටනම් තේරෙන්නේ නැහැ අයියා ඇයි ඔහොම අහන්නේ කියලා?”

නිහැඩියාව

“පරක්කු වුනා මල්ලි.

පොඩි එවුන් මඟ බලන් ඇති මගේ ඇගේ නඟින්න”

“අයියා මේ ලඟද ඉන්නේ?”

“ඔව් විනාඩි පහක විතර දුර,

එහෙනම්.

මම යනවා”

ඔහු නික්මයාමට පඩියක් පහළට බසී

“අයියේ…

මං දැන් කරන්නේ  මේ ලෝකේ මම වැඩියෙන්ම ආස දේ.

මම පොඩි කාලේ ඉදලම ආසයි සින්දු කියන්න;

බස් එකේ, මහ පාරේ, කෝච්චියේ, ඕන තැනක.

අහන් ඉන්න ඕන කෙනකුට.

මං ආසයි සින්දු කියන්න”

නිහැඩියාව

“මල්ලි… අර සින්දුව ආයේ කියන්න පුළුවන්ද?”

“මල් පිබිදෙන එක වසන්ත සමයෙක”?

“ඔව්”

“මල් පිබිදෙන එක වසන්ත සමයෙක

ඔබ හමුවේවී කියා…

පෙරුම්පුරා මඟ බලා උනිමි මම

ඇයි තව නාවේ දයා…”

ඔහු ගයයි,

ගිටාරය වයමින් ගයයි.

අකුරක් කියන්න
අකුරක් කියන්න

මොකක්?

අකුරක් කියන්න මොකක් හරි

සිංහල?

නැහැ පාලි,

ඔව් සිංහල තමයි

අකුරක්? ම්ම්ම්ම්… “ම” යන්න

මම හිතුවා

මොකක්ද?

ඔයා දන්නවද? ඔයා හරිම සෙල්ෆ් සෙන්ටර්ඩ්

හොව් හොව්, දැන් “ම” යන්න කියපු එකෙන් කොහොමද මම සෙල්ෆ් සෙන්ටර්ඩ් වෙන්නේ?

“ම” යන්න, “මම”

හහ්, “ම” යන්න;

මල, මරණය, මදුරුවා

ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි

මේක මාර මඟුලක් නේ?

ඔව් මෙහෙම ගියොත්නම් මාර මඟුලක් වෙයි තමයි.

ඔයා දන්නවද ඔයා හරි කපටියි.

ෂා… මාරයිනේ. එක අකුරකින් ඔයා කියන දේවල්.

ඔව් මම කපටියි තමයි.

ඔයත් කපටියි.

අපි හැමෝම අඩු වැඩි වශයෙන් කපටියි.

ඔයා මට ආදරේ නැහැ

දැන් අපි මේ කථාව නවත්වමු.

ඔය කදුළු පිහිද ගන්න.

මිනිස්සු බලන් ඉන්නවා.

බලන් හිටපු දෙන්

හරි! දැන් ඔයාගේ ටර්න් එක.

අකුරක් කියන්න

“ව” යන්න

මම හිතුවා

මොකක්ද?

“ව”යන්න;

වරුණ.

ඔයාගේ කලින් බොයි ෆ්‍රේන්ඩ්ගේ නම.

ඔයාට තාමත් එයාව අමතක කරන්න බැහැ නේද?

ප.ලි:

මේ රණ්ඩුව නවතා දැමීම සඳහා,

“සොදුරු සිත” විසින් “අ” යන්න යෝජනා කළා,

මෙන්න “අ” යන්නට වාද කරන අන්දම,

අකුරක් කියන්න

මොකක්?

අකුරක් කියන්න මොකක් හරි

සිංහල?

නැහැ පාලි,

ඔව් සිංහල තමයි

අකුරක්? ම්ම්ම්ම්… “අ” යන්න

“අ” යන්න?

ඔව්, “අ” යන්න

මම දැන ගත්තා

මොකක්ද?

“අ” යන්න අම්මා.

ඔයා මට වඩා ආදරේ ඔයාගේ අම්මට,

ඔයා නටන්නේ ඔයාගේ අම්මා ගහන පදේට

මේ රණ්ඩුව නවතා දැමීම සඳහා,“අකුරු” බ්ලොග් එක  ලියන “බිට්ල්”,

“ගොඩ යන අකුර “ආ” යන්න” යැයි ප්‍රකාශ කළා,

මෙන්න “ආ” යන්නට වාද කරන අන්දම,

අකුරක් කියන්න

මොකක්?

අකුරක් කියන්න මොකක් හරි

සිංහල?

නැහැ පාලි,

ඔව් සිංහල තමයි

අකුරක්? ම්ම්ම්ම්… “ආ” යන්න

“ආ” යන්න?

ඔව්, “ආ” යන්න

මම දැන ගත්තා

මොකක්ද?

ඔයා කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක මේ සෙල්ලම කරල තියෙනවා නේද?

ඒකනේ කෙළින්ම කපටිකමට “ආ” යන්න කිව්වේ

ඔයා “ගොළු හදවත” කියවලා තියෙනවද?
මම කැමතිම ආදර කෘතිය තමයි “ගොළු හදවත”

ඒත් මම ඒ පොත තවම කියවලා නැහැ. පොඩි කාලේ ටෙලිනාට්‍යය බැළුවා වගේ මතකයි.

ඒ මොන විකාර කථාවක්ද? කියවලා නැතිනම් කොහොමද ඒක හොඳම ආදර කෘතිය වෙන්නේ?

මම කථාව මුල ඉදලා අගටම දන්නවා, ඉතින් පොත කියෙව්වා වගේ තමයි. මම ගොළු හදවත කියවලා ඇතුවා හරි නැතුවා හරි, ගොළු හදවත තමයි මම කැමතිම ආදර කථාව.

හරි; හොඳයි; ඉතින්? දැන් මොකාටද ඔය එන්න හඳන්නේ?

නෑ මේකයි. ගොළු හදවතේ කොල්ලෙක් ඉන්නවනේ?

ඔව්, සුගත්

කෙල්ලෙකුත් ඉන්නවනේ?

දම්මි, ඔව් ඉතින්.

දම්මි සුගත්ට වෙරළු දෙනවනේ?

ඔව්, අර හච් ඇඩ් එකකටත් ඔය සීන් එක අරන් තිබ්බේ.

<object width="700" height="550"><param name="movie" value="http://www.youtube.com/v/Y-rwUjIhjVc?version=3"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/Y-rwUjIhjVc?version=3" type="application/x-shockwave-flash" width="700" height="550" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>

දම්මි සුගත්ට වෙරළු එක්ක හච් සිම් එකක් දෙනවා.

මේ… වටේ යන්නේ නැතුව පොයින්ට් එකට එනවද?

නැ මේකයි… දම්මි සුගත්ට ඇත්තටම ආදරය කළාද නැද්ද?

මන්දා. මටනම් හිතෙන්නේ දම්මි එයා නොදැකපු ලෝකයක් සුගත් හරහා දැක්කා, දකින්න උත්සහ කළා කියලා.

එතකොට ඔයා කියන්නේ දම්මි සුගත්ව යුස් කළා? මොකද දම්මි හොඳටම දන්නවා එයාට සුගත්ව බදින්න වෙන්නේ නැහැ කියලා.

නැහැ මම කියන්නේ නැහැ දම්මි සුගත්ව යූස් කළාම කියලා, ඒත් සමහර විට, ඔව් වෙන්න පුළුවන්.

දම්මිට හිතෙන්න ඇති, සුගත් එයාට එයාගේ පවුලට ගැලපෙන්නෙ නැහැ කියලා. ආදරයයි කසාදයයි කියන්නේ දෙකක් කියලා.

සුගත් කොහොමත් බොලද වැඩි. දම්මි ඊට වඩා ප්‍රැක්ටිකල්.

හා හා ඔව් ඔව්.

ලෝකෙම ඉන්න කොල්ලන්ට ආදරය කරලා අන්තිමේ හොඳ සල්ලි තියෙන මිනිහෙක්ව බැද ගන්න එකටද ප්‍රැක්ටිකල් කියන්නේ?

හරියට ලංකාවේ නිළියෝ වගේ, වත්තවටේම ගිහින් ටිකක් විතර ප්‍රසිද්ධ වුනාම. ඔන්න පත්තරේට කියනවා, “ඔයගොල්ලන්ගේ පත්තරේට තමයි මම මේක මුලින්ම කියන්නේ. මම අහවල් රටේ අහවල් ව්‍යාපාරිකයා එක්ක විවාහ වෙන්නයි යන්නේ, අපේ ආදර සම්බන්ධයට දැනට අවුරුදු පහක් විතර වෙනවා” කියලා.

එතකොට අර අහවල් රටේ අහවල් ව්‍යාපාරිකයා හරිම අහිංසක, මලෙන් උපන් කුමාරයෙක් වෙන්නැති නේද? කොහොම වුනත්, දම්මි සුගත් වගේ බොළද, රොමැන්ටික් පොරක් බැන්දනම් වෙන්නේ, ළමයි දුසිමක් විතර හදාගෙන කුස්සියට වෙලා බත් තම්බ තම්බ ඉන්න. යාළුවෙලා ඉන්න කාළේ කියන කන්දක් උඩ පැලක් හදාගෙන පොල් සම්බෝලයි බතුයි කන කථා නැහැනේ බැන්දයින් පස්සේ. ඒක දම්මි මුලින්ම තේරුම් ගන්නැති. ඒක නිසා දම්මි ප්‍රැක්ටිකල්.

ඒක හරි අසාධාරණයිනේ?

ඇයි දම්මි, සුගත්ව නොදැකපු ලෝකයකට එක්කගෙන ගියේ?

ඇයි එයා ඒ සිහින ලෝකේ මැද සුගත්ව අත්හැරලා ආවේ?

මෙහෙමයි, සුගත් ප්‍රේමයෙන් මත් වෙලා මනෝ ලෝකයක රජ වුනාට දම්මි මොනවා කරන්නද?

අනික් අතට, මට මතක විදිහට, දම්මි කොයිම වෙලාවකවත් සුගත්ට ආදරෙයි කියලා නැහැනේද?

නැහැ තමයි, ඒ වුනාට කියන්න ඕනෙම නැහැනේ. මිනිස්සු ඉම්ප්ලයි කරන දෙවල් තියෙනවනේ. ඒකෙන් වුනේ අන්තිමේ අහිංසක ජීවිතයක් නිකන් විනාශ වෙච්ච එක.

විනාශ වෙන්න සුගත් බබෙක්ද?

ඒක මාර කථාවක්නේ? දැන් සුගත්ගෙයි දම්මිගෙයි චරිත දෙක මාරු කරලා, දම්මි දුප්පත් අහිංසක වෙලා, සුගත් පෝසත් කොල්ලා වුනානම්? සරලවම ඔය කථාවේ දම්මි වික්ටිම් වුනානම් ඔයා කියයි, දම්මි හරි පවු කියලා.

ඔවු සමහර වෙලාවට මම එහෙම කියයි තමයි. ගැහැණු පිරිමි ඉදිරියේ අසරණ වෙනවට මම කැමති නැහැ.

පොහ්. කාන්තා විමුක්තියේ දෝංකාරය. මාර තියරිනේ ඔයගොල්ලෝ ගාව තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ තියෙන සේරම ප්‍රශ්න දරාගෙන පිරිමියා හැම තිස්සෙම මාර පර්ෆෙක්ට් වෙන්න ඕනේ? මම ලස්සන කථාවක් කියන්නද?

දැන් හිතන්න ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි යනවා කියලා කඩා වැටෙන්න යන ප්ලේන් එකක, ඒකෙන් බේර ගන්න පුළුවන් එක්කෙනයි නම්, තියෙන්නේ එකම එක පැරෂුට් එකයි නම් කාන්තාව කියනවා,

“ලෙඩීස් ෆස්ට්” කියලා, එතකොට මනුස්සයට පැරශුට් එක අර නෝන මහත්තයට දීලා මැරෙන්න වෙනවා.

හිතන්න බැරි වෙලා හරි ඔය ප්ලෙන් එක කඩා වැටෙන එක නවත්වන්න එක්කෙනෙක්ට එළියට පැනලා මැරෙන්න වෙනවා කියලා, එතකොට කාන්තාව කියනවා.

“ඔයා පිරිමියෙක් නේ ඔයා පනින්න” කියලා. මාර තර්ක තමයි.

අපොයි කිව්ව ගමන් මේන් කියලා පනි, “තමුසේ යනවා” කියලා ගෑණු කෙනාව තල්ලු කරලා දායි. විජය කුමාරයා කුවේණිට කළේ මොකක්ද? රාමා සීතාට කළේ මොකක්ද? විජය මාලනීට කළේ මොක්කද්ද?

වැඩේ අරගෙන බුලත් හපේ වගේ විසි කරපු එක නෙමෙයිද?

එතකොට සුගත්? එයා පවු නැද්ද?

හරි දැන් මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ?

නැහැ මට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා දම්මි නිසා ජිවීතේ විනාශ කරගත්තා.

සුගත් පවු එච්චරයි.

ඔයා “ගොළු හදවත” කියවලවත් තියෙනවද?

නැහැ. ඒ වුනාට මම කතාව දන්නවා.