සමුගැනීම.
“අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.
අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි.නිකන්……
නිකන්ම.. නිකන්..හුළං වගේ නිකන්”
- මේ මඟේ සඳයි
හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?
Season -1 ඉවරයි.
Season-2 එක්ක පස්සේ කාලෙක හමුවෙමු..!?
ප.ලි: පහුගිය සඳුදා ඉදලා උත්සාහ කරලත් අන්තිමේ ලියාගන්න පුළුවන් වුනේ ඔච්චරයි.

එහෙනම් සුභ ගමන් මිත්‍රයා.. හනික ආපහු එන්න…
පුතා
අගෝස්තු 15, 2011 at 10:50 පෙ.ව.
ගොහින් එන්න,හැබැයි ඉක්මනින්.
සිත් මණ්ඩිය
අගෝස්තු 15, 2011 at 12:03 ප.ව.
මොන පිස්සුවක්ද? රටින් යනවද මාලන්.
නැත්නම් සීසන් 2 හෙටම පටන් ගනින්.
```Outsider```
අගෝස්තු 15, 2011 at 12:18 ප.ව.
“මේ ලිවිල්ල” ඔළුවට හරි බරක් ලොකු අයියේ.
මාලන්
අගෝස්තු 15, 2011 at 12:57 ප.ව.
@ පුතා, සිතුවිලි මණ්ඩිය සහ අවුට්සයිඩර්
සමාවෙන්න ආයේ කාලෙකට ලිය වෙන්නේ නැති වෙයි.
සමහර විට වෙනින් බ්ලොග් එකක් පටන් ගනීවී [සින්ඩි වලට ඇතුල් කරන එකක් නැහැ. ප්‍රයිවට්ව තියේවි. තාම කිසි දෙයක් ස්ථිර නැහැ]. ඒක මම ඔය ගොල්ලන්ට දන්වන්නම්.
කොහොම වුනත්, මම බ්ලොග් එක අත හැරලා යනවා මිසක වෙන කොහේවත් යන්නේ නැහැ
මාලන්
අගෝස්තු 15, 2011 at 1:02 ප.ව.
ඇයි ඉතිං ප්‍රයිවෙට් තියාගන්න දේවල් ලියන්නේ…? ලියන තැනක අපටත් කියවන්න දෙයක් ලියන්න.
ඇත්තටම අතෑරලා යනවද නැත්තං සාර්ථක බ්ලොග්කරුවෙක් වීමේ අවශ්‍යතාවයෙන් අර සමහර අය දැම්ම වගේ දාන ඇඩ් එකක්ද?
hare :-)
අගෝස්තු 15, 2011 at 5:36 ප.ව.
අපි ලියන දෙයක් වැරදියට ඉන්ටර්ප්‍රිට් කරන මිනිස්සුන්ට ඇයි අපි ලියන්නේ? [ලියන දෙයත් එක්ක මතවාදීව ගැටෙන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ].
ඒ වගේ වෙලාවක කරන්න තියෙන හොඳම දේ තමයි කියවන පිරිස සැළකිල්ලෙන් සීමා කරන එක [එකෙන් අදහස් වෙන්නේ විරුද්ධ මත තියෙන මිනිස්සුන්ව හලනවා කියන එක නෙමෙයි].
උදාහරණයක් විදිහට මේරියන්ස් නලීන් ගන්න, එයා එයාගේ “Unplugged” මාස් ඔඩියන්ස් එකකට ගහන්නේ නැහැ. එය ඒක ගහන්නේ සිලෙක්ටඩ් ක්‍රවුඩ් එකකට. සරලවම සින්දුවක් පිළිවකට රසවිදින්න පුළුවන් මිනිස්සුන්ට.
කසුන් කල්හාර වුනත් එහෙමයි.
බිලි ෆර්නැන්ඩෝ
මොකද එහෙම කළාම තමයි ඒ මිනිස්සුන්ගේ [නලීන්ගේ, කසුන්ගේ] මහන්සියට නියම සාධාරණය ඉටුවෙන්නේ. දැන් වැරදියට හිතන්න එප, මම මේ කියන්නේ මම මාර ආර්ටිස්ට් කෙනෙක් කියලානම් නෙමෙයි.
මචන් ටෙලි නාට්‍ය ගන්න. පටන් ගත්තේ ඩී.බී නිහාල්සිංහ, විජය ධර්මශ්‍රී වගේ ප්‍රවීණයෝ. ඊට පස්සේ පරාක්‍රම නිරිඇල්ල, ධර්මසේන පතිරාජ, ආනන්ද අබේනායක වගේ අය. අපිට ටෙලි නාටය තේරෙන කාලේ ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම වගේ අය.
ඒත් අද? දවස් පහේම ශාන්ත සොයිසාගේ මෙගා [එයා කරන්නේ පොඩි සයිඩ් බිස්නස් එකක්නේ].
“දේසේ හැටියට වාසේ කළොත් නේද සන්තෝසේ?”
ඔන්න මම කියන්න ඕනදේ කිව්වා තේරුම් ගනින්
මේ පෝස්ට් එක ලියද්දි මටම ශුවර් එකක් තිබ්බේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒත් දැන් දන්නවා.
මම ආයේ “මේ බ්ලොග්” එකට ලියන්නේ නැහැ කියලා.
අපිව නොගැලපෙන තැන් වල අපි ඉන්න ඕනේ නැහැ මචන්
මාලන්
අගෝස්තු 16, 2011 at 6:43 පෙ.ව.
හි හි… උඹ කියන එක තේරෙණවා. ඒත් උඹ ඒ වෙනුවෙන් ගත්ත උදාහරණ වලට මම සම්පූර්ණයෙන් එකඟ නෑ. ඔය උදාරහණ වල ඉන්න උන්ගෙ ගාන කවර් වෙන ක්‍රවුඩ් එකක් හැමදාම ඉන්නවා. උන්ට එතනින් එහා යන්න ඕන නෑ. ඒත් උන් අළුත් එකෙක්ට දොර වහලත් නෑ. අනික උන්ගෙ ෂෝ බලන හැම එකාම උන් බලාපොරොත්තු වෙන උන්ම නෙවෙයි.
උඹ කරන්නනෙ උන් කරන දේම නෙවෙයි.
අපිත් එක්ක තාමත් සෙට් වෙන කොල්ලෙක් ඉන්නවා. ඌ අවුරුදු 10කට කලින් බීපු වෙලාවක කිව්වෙ හිල්මිගෙ “සිහින පාරාදීසයේ”… මෑතකදි සෙට් වුණ වෙලාවකදි ඌට කියන්න ඕන වුණා කස්සගෙ “සිහින විල්තෙරේ”
කොහොමත් උඹ කොහේ හරි ලියයි නේ… ඒ නිසා ඔය කියපුව උඹට ඇප්ලයි වෙන එකක් නෑ…
hare :-)
අගෝස්තු 16, 2011 at 7:34 ප.ව.
මචන් උඹෙන් පුන්චි ඉල්ලීමක් තියෙනවා. බැරිවෙයිද කොමික් ස්ට්‍රිප් එකක් පටන් ගන්න? මම හිතනවා උඹට තමයි ඒකට හොඳටම හැකියාව තියෙන්නේ. මොකො කියන්නේ ට්‍රයි එකක් දීලා බලමුද?
පසුව එක් කිරීම: වැරදියට තේරුම් ගන්නනම් එපා. මම මේ ඔයාව කඩේ යවන්නනම් නෙමෙයි හදන්නේ. පුළුවන්නම් පටන් ගන්න. අපි එන්නම් රස විදින්න.
මාලන්
අගෝස්තු 17, 2011 at 12:30 පෙ.ව.
උඹ තරම් තරම් සත්‍යවාදී™, අතිමානූෂීය™, පෝස්ට් මොඩර්න්™, රැඩිකල්™, මධ්‍යස්ථ™, කරුණා භරිත™, සංවේදී™
බ්ලොග් ලියන්නෙක් ලොවෙත් නැත.
සියළු පාඨක ඥාති හිතමිත්‍රාදීහු මෙම කණගාටුදායක නිවේදනය පිළිගනිත්වා.
Charmi
අගෝස්තු 15, 2011 at 1:37 ප.ව.
මං හිතුවා උඹ ඇවිත්,
කියයි කියලා.
හපෝ උඹලා වගේ යාළුවෝ,
නොපතන්.
මාලන්
අගෝස්තු 15, 2011 at 3:59 ප.ව.
අඩා…….. නීට්ෂෞ හූරද කොහෙද කිව්ව නේද වැටෙන එකට පයිං පාරකුත් දෙන්ඩ කියලා……
Charmi
අගෝස්තු 15, 2011 at 7:35 ප.ව.
අනික උඹ ලොකේ හොඳම බ්ලොග් කාරයා වෙන්ඩ යන එකට මං අකුල් හෙලන්නෙ මොකටද?
ලියන එකා කඩේ යන එකා….
හොඳම එකා තමා නොලියන එකා…..
Charmi
අගෝස්තු 15, 2011 at 7:39 ප.ව.
මාලන්
අගෝස්තු 16, 2011 at 5:46 පෙ.ව.
කොහෙ යන්ඩද බං හදාගත්ත පැල්කොටේ දාලා… ඔන්න ඔහෙ ඉඳහන් පිස්සු නැතුව..
චමිල
අගෝස්තු 15, 2011 at 6:03 ප.ව.
උඹට මතකද උඹ තමයි මගේ බ්ලොග් එකේ පළමුවෙනි කමෙන්ට් එක දැම්මේ. අන්තිම පෝස්ට් එකටත් කමෙන්ට් කරපු එකට ස්තූතියි.
මාලන්
අගෝස්තු 16, 2011 at 5:48 පෙ.ව.
බඩු හරිද බන්…?
Beetle
අගෝස්තු 15, 2011 at 11:16 ප.ව.
මොන බඩුද මචන්
මාලන්
අගෝස්තු 16, 2011 at 5:45 පෙ.ව.
බඩු, බඩු… එහෙනම් අවුලක් නෑ…
Beetle
අගෝස්තු 16, 2011 at 1:21 ප.ව.
මේ ලෝකයේ ඇත්තේ යාම් සහ ඊම්ය….මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
පිස්සා
සැප්තැම්බර් 7, 2011 at 12:54 පෙ.ව.